ආර්ථි­කය ගොඩ­ගැ­නීම සඳහා ජන­පති ප්‍රමුඛ රජයේ ක්‍රියා­මාර්ග අමෙ­රි­කානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්ගේ පැස­සු­මට.

ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන පිය­වර අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ කළ­ම­නා­ක­රණ සහ සම්පත් පිළි­බඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහ­තාගේ ඇග­යී­මට ලක් විය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ මේ දින­වල මෙරට සංචා­ර­යක නිරත වන නියෝජ්‍ය රාජ්‍ය ලේක­ම්ව­රයා අතර හමු­වක් ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (23) සිදු වූ අව­ස්ථා­වේදී මේ බව ප්‍රකාශ වී තිබේ.

කෘෂි­කා­ර්මික නවී­ක­රණ වැඩ­ස­ට­හන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යෙහි ප්‍රග­තිය පිළි­බඳ ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී එක්සත් ජන­පද නියෝජ්‍ය රාජ්‍ය ලේක­ම්ව­රයා දැනු­වත් කළේය.

ගෝලීය ආර­ක්ෂා­වට අදාළ කරුණු සම්බ­න්ධ­යෙන්ද මෙහිදී සාක­ච්ඡා­වට ලක් වූ අතර, රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙ­යුම් සඳහා ශ්‍රී ලංකා රජය දුන් සහය වෙනු­වෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේක­ම්ව­රයා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත ස්තුතිය පළ කර සිටි­යේය. හවුති කැර­ලි­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් සවුදි අරා­බියේ ස්ථාව­ර­ත්ව­යට සහාය පළ කර­මින් ඉන්දීය සාග­රයේ නාවික ගම­නා­ග­ම­නයේ නිද­හස වෙනු­වෙන් ශ්‍රී ලංකාව තව­දු­ර­ටත් කැප වී සිටින බව මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැඩ බලන ලේකම් යූ.එල්.එම්. ජොහාර්, ජාත්‍ය­න්තර සබ­ඳතා පිළි­බඳ ජනා­ධි­පති අධ්‍යක්ෂ දිනුක් කොළ­ඹගේ, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ අමෙ­රිකා අංශයේ අධ්‍යක්ෂ චතුර පෙරේරා යන මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Social Sharing
ආර්ථික නවතම පුවත්