උසාවියේ වරදකරුවන් වූවන් ඉන්න පාර්ලිමේන්තුවකට, රනිල් වගේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් අත්‍යවශ්‍යයයි!

අධිකරණ වල වරදකරුවන් සිටිනා පාර්ලිමේන්තුවක රනිල් වික්‍රමසිංහ වැනි රාජ්‍ය ත්‍රාන්තික ස්භාවයක්, දැනුමක්, බුද්ධියක් ඇති අයෙකු  මෙවැනි පාර්ලිමේන්තුවකට අවැසි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

නමුත් ඔහු ඊට එකඟ නැති බවත් ඔහුගේ ඉල්ලීම වනුයේ වෙනත් කෙනෙකු යා යුතු බවද ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව අනුව නියෝජ්‍ය නායකයෙකු පත් වු බවත් ඒ අනුව පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට පක්ෂය විසින් තීන්දුවක් ගෙන ඇතැයිද ඔහු පවසයි.

මේ ක්‍රියාවලිය අවසන් වනතුරු 2021 ජනවාරි දක්වා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ රැඳී සිටින බවත් ඉන් අනතුරුව අලුත් නායකයෙක් තෝරා ගන්නා බවද සමන් රත්නප්‍රිය මහතා පවසයි.

Social Sharing
නවතම