කන්දකාඩු පුනරුත්ථාපනය ගැන ඇමති තීරණයක් ගනියි…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක් ඉදිරියේදී සිදු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මත් ද්‍රව්‍ය හා වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා රදවා සිටින වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර දිවා ආහාරය සම්බන්ධයෙන් වු ගැටළුවක් මුල් කර ගනිමින් පසුගිය 12 වැනිදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

දිගින් දිගටම වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඇති වන ගැටුම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් කැදවීමට අධිකරණ අමාත්‍යවරයා පියවර ගෙන ඇත. අදාළ වාර්තාව දින දෙකක් තුළ අධිකරණ අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතය.

අදාළ වාර්තාව ද සලකා බලා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනස් කිරීම කඩිනමින් සිදු කරන බවත්, යලිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගැටුම් ඇති වීම වැලැක්වීම සදහා උපදෙස් ලබා දී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

 

Social Sharing
නවතම පුවත්