තේ පෝර මිටිය 8,500ට දෙනවා…

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රු. 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා මේ බැව් දැනුම් දී ඇත. දැනට තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රු. 12,000 සිට රු. 14,000 දක්වා වන නිසා වගාකරුවන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතී.

මේ නිසා තේ අක්කරයකින් වරකට නෙළාගන්නා දලු ප්‍රමාණය කි.ග්‍රෑ. 216 දකවා අඩු වී ඇත. මේ නිසා එම පොහොර මිල අඩු කර දෙන ලෙස වගාකරුවන් මෙහිදී ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති අමරවීර මහතා තේ සඳහා යොදන පොහොර මිටියක මිල රු. 8500 දක්වා අඩු මිලට දීමට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මඟින් කටයුතු යොදා ඇති බව අවධාරණය කරන ලදි. ගාල්ල නගර ශාලාවේදී මේ සාකච්ඡාව පැවැත්වුණු අතර, එයට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Social Sharing
ආර්ථික නවතම පුවත්