චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි

රෝහල්ගතව සිටින චාමර වීරසිංහගේ සුවදුක් බැලීමට මේ වන විට විශාල පිරිසක් රෝහලට පැමිණෙමින් සිටින බවට වාර්තා වෙයි. රෝහල් ප්‍රකාශකයින් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගේ සුවදුක් බැලීමට නොපැමිනෙන ලෙසයි.

ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කලුබෝවිල)ට ශ්වශන අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙයි. ගෙවුණු දිනවල චාමර වීරසිංහ අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහු විසින් ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කර තිබුණි.

චාමර වීරසිංහ අප ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

Social Sharing
නවතම