‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි

“සියලුම ප්‍රජාවන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ඇතිකිරීම” සඳහා යැයි ප්‍රසිද්ධියට පත් කොට ඇති “හිමාලයා ප්‍රකාශනය” නම් ලියවිල්ල, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සහ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙසැම්බර් 8 දා GTF කණ්ඩායම සහ බෞද්ධ භික්ෂූන් හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ප්‍රකාශනය උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් හයක් විසින් දැඩි විවේචනයකින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ “නිදහසේ සිට, දෙමළ ජනයාගේ මූලික ගැටලුවලට විසඳුම් සොයාගැනීමේ අරමුණින් දෙමළ සහ සිංහල දේශපාලන නායකයන් අතර අත්සන් කළ සෑම ගිවිසුමක්ම අවලංගු කිරීමට ප්‍රධානම හේතුව වූයේ දේශපාලන ඉතිහාසය තුළ බෞද්ධ භික්ෂූන්ගේ ආධිපත්‍යය,” බවයි.

ඔවුන් චෝදනා කරන්නේ, දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ යුද අපරාධ, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ සහ වර්ග සංහාර සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට ඩයස්පෝරා සංවිධාන බහුතරයක් සිය මුදල්, කාලය සහ ශ්‍රමය වැයකරද්දී, මානව හිමිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදුකරගෙන යන ශ්‍රී ලංකාව සම්බන්ධ වගවීමේ ව්‍යාපෘතිය (SLAP) අනතුරේ හෙලීමට GTF උත්සාහ කරමින් සිටින බවයි.

Social Sharing
නවතම