මැජික් පෙන්නනවට තැන්කූ සුදා!

ITN එකේ නිර්මාල් දීප්ති හමුවීම අවසන් උණා. විශේෂ ජය පරාජයක් නැතුව මැච් එක ඩ්රෝ උණා වගේ දෙයක් තමයි හිතෙන්නේ. මම කියන්නේ මේ පැය එකයි කාල ගැන විතරක් හිතල (වැඩිපුර කාලෙත් එක්ක). ගොඩක් අය ලොකු හොට් සංවාදයක් බලාපොරොත්තු උණත් දෙන්නම ඉතාම හොඳින් වැඩේ අවසන් කළා. වැඩිදුර කතාවක් උනත් පස්සේ කරන්න තියාගෙන දැන් වැඩේ මෙහෙම අවසන් උන එක හොඳයි.
අපි ඊශ්රායිල් – හමාස් වගේ ලොකු රණ්ඩුවක් ෆැන්ටසි ගත කළා නම් ඒ ෆැන්ටසි එක දෙන්නම එකතුවෙලා කුඩු කළා. ඒක එයාලගේ පැත්තෙන් ජයග්රහණයක්. අපිට ගොසිප් කරන්න ලොකු දෙයක් දෙන්න ඉතුරුකළේ නැහැ. දෙන්නට ස්තුති.
බුකිය මීයට පිම්බා වගේ. ඒකම ජයග්රණයක් මේ ඇල්ගෝරිද්මික යුගයේ.
අවම වශයෙන් අපි නොදන්නා මර්තේලිස් නිසා හරි මෙහෙම සිද්ද වෙච්ච් එක මට නම් අතිරික්ත ප්රමෝදයක්.
මේක කිසිදා සිදු නොවෙන්න තිබ්බ දෙයක් කියලත් ෆැන්ටසි එකක් තිබ්බ. 2005 ඉඳන් අපි නඩත්තු කරපු ෆැන්ටසි එකක් තමයි කවදා හෝ මේ දෙන්න එකට වාඩිවෙන්න ඕනි කියන එක. මේ දෙන්න එක ළඟ පුටු දෙකක වාඩිකරපු එක මැජික් එකක්. ඒ ෆැන්ටසි එක අපිට මුණගස්සපු ‘මැජික්කාරය’ (magician) තමයි සුදර්ශන ගුණවර්ධන. ඒ කියන්නේ සුදා. සහ සුදාගේ නාලිකාව.
ITN රේටින් වැඩිවෙමින් ඒක පුද්ගලික නාලිකා මට්ටමට එනකොට මට හිතුන දෙයක් තමයි රාජ්ය ව්යවසාය කියලත් දෙයක් නැහැ. ඒවායින් උනත් ලාභ හොයන්න පුළුවන් කියන එක. හැබැයි මැජික්කාරයෝ ඉන්න ඕනි. මේ දෙන්න මෙහෙම එකතු කරන්න සුදා කරපු දේ තමයි ඒක එයාට පුළුවන් සුවිසල් අවකාශයක් වෙත අරන් ඒම. ඒ නිසාම දෙන්නටම බැහැ කියන්න බැරි වීම. ඒ කියන්නේ වැඩිම වශයෙන් ඒ වෙලාවේ ඒ. සී. තියන මහවැලි කේන්ද්රයේ වගේ තියන්න තිබ්බ දෙයක් සුදා වෙනත් අවකාශයක් වෙත තල්ලු කළා. මහවැලි කේන්ද්රයේ තිබ්බ නම් වැඩිම දෙසීයක් තුන්සීයක් වගේ එන්න තිබ්බ එකක් සුදා එක්වරම ලාංකික ඇස් ලක්ෂ ගණනක් වෙත ලයිව් අරන් ගියා. ඇස් ලක්ෂ ගණනක් තමන් දෙස බලන් සිටින නිසා (gaze) දෙන්නම තමන් ගැන සවිඥාණික උණා.
ඒ අස්සේ මැද්දෙන් ඉන්නවා ලස්සන කෙල්ලෙකුත්. කොහොමත් ඒකෙනුත් අපි පොඩ්ඩක් පාලනය වෙනවා.
මම එදා ඔතෙන්ට ගියා කියල වල්ල පොළොවේ ගහගත්තු උන් දැන් සද්ද නැහැ. මොකද මේක කාටත් මැජික් එකක් නිසා.
ලංකාවට මේ වෙලාවේ ඕනි මෙහෙම ”මැජික් බලයක්” සහිත මිනිස්සු. කවදාවත් කරන්න බැහැ කියල අපි තුල මර බැහැල තියන අදහස් වෙනස් කරලා ඒවා කළ හැකි දේවල් බවට පත්කරන්න පුළුවන් හැකියාව තියන වසඟකාරී මිනිස්සු. ගතික මිනිස්සු. ද්රවශීල මිනිස්සු.
ඕනෑම ආණ්ඩුවක් ගොඩදාන්න මේ වගේ මිනිස්සු ඕනි. මම කියන්නේ සුදා ඉන්න ඕනි අයිටීඑන් එකේ නෙවෙයි. පාඩුයි පාඩුයි කියන එයාලංකා වගේ තැනක. නැත්නම් ඊටත් වඩා ලොකු තැනක. කරන්න බැරි දේවල් කරන්න පුළුවන් තැනක. මේක ඔයාගේ ස්ටාට් අප් එක (start up).
මහේශ් හපුගොඩ
Social Sharing
අවකාශය නවතම පුවත්