ඉන්දු ලංකා යාත්‍රා සේවය හෙට යළි ඇරඹේ.

Ferry service between India and Sri Lanka

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි.

චෙරියපනි නම් වන මෙම යාත්‍රාවේ මගීන් 150කට ගමන් කළ හැකි අතර එක් මගියකුට කිලෝ 50ක ගමන් බඩු රැගෙන යා හැකිය. නාවික සැතපුම් 60ක දුරක් සහිත මෙම ගමන සඳහා මෙම යාත්‍රාව පැය තුනක කාලයක් ගත කරයි. මීටර් 60ක් දිග, 2006දී දියත් කරන ලද මෙම යාත්‍රාව මීට පෙර කොචින් හා නාගපට්නම් අතර සේවයේ යොදා තිබුණි.

එක් දිශාවකට ගමන සඳහා වැඩිහිටි ගාස්තුව ඉන්දීය රු. 7670ක් බව ‘ද හින්දු’ වාර්තා කළේය..

මීට පෙර තලෙයිමන්නාරමත් ඉන්දියාවේ තූත්තුකුඩිත් අතර පැවති යාත්‍රා සේවය සිවිල් යුද්ධය නිසා 1982දී නතර වීමෙන් පසු බොහෝ අය මෙම යාත්‍රා සේවයේ ආරම්භය ගැන බලාපොරොත්තු තබා තිබිණි.

Social Sharing
අවකාශය නවතම