මිරිහාන බස් රථයට ගිනි තැබූ සිදුවීමට අදාල සැකකරු මාස 18ට පසු අත්අඩංගුවට…

2022 ඇති වූ අරගල සමය තුළ හමුදා සාමාජිකයින් රැගත් බස් රථයකට මිරිහාන ප්‍රදේශයේදී ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඩේලි නිවුස් වාර්තා කරන පරිදි, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ඇති වූ කලහකාරී වාතාවරණය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවසේ ආරක්ෂාවට යොදවා තිබූ හමුදා නිලධාරීන් රැගත් බස් රථයකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

සැකකරු 33 හැවිරිදි මහියංගනය, පුජාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සෙනසුරාදා (සැප් 02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි මගින් හඳුනාගෙන දුරකථන ජාලය ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Social Sharing
නවතම පුවත්