ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය!

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රී ෆෙරෙන්ච් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ප්‍රකෘතිමත්වීම අගය කළ යුතු බව නේවාසික නියෝජිතවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට පමණක් නොව බොහෝ රටවලට ඉදිරි වසර දෙකක කාලය ඉතා දුෂ්කර වනු ඇති බව ඔහු කියා සිටියේය.

මෙරට ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී හෙළිකළේය.

ආහාරවලින් ස්වයං පෝෂිත වන අතරේ ආහාරපාන ආනයනයෙන් විදේශ විනිමය ඉපැයීම වැඩිකර ගැනීම කෙරෙහිද රජයේ දැඩි අවධානය යොමු ඇති අයුරු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය

Social Sharing
නවතම පුවත්