බලපත්‍ර ක්‍රමයට තිරිඟු පිටි ආනයනය අත්හිටුවයි – ආනයන බද්දත් ඉහළට!

තිරිඟු පිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය පෙරේදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (30) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. තිරිඟු පිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල් 16 සිට 27 දක්වාත් තිරිඟු ඇට සඳහා රුපියල් 6ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

මේ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ යෑමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

Social Sharing
නවතම පුවත්