190,000ක් නියඟයෙන් පීඩාවට!

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් එක්ලක්‍ෂ අනූදහසකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශවල පවුල් පනස්හතරදහස් නවසිය හැත්තෑනවයකට අයත් පුද්ගලයන් එක්ලක්‍ෂ අසූතුන්දහස් තිස්අට දෙනකු මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතිවූ පානීය ජල හිඟයට දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක ජනතාවට මුහුණදීමට සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

Social Sharing
නවතම පුවත්