ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ නිකුත් කළ විගණන වාර්තාව නිරවද්‍යයි…

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, රංගන ශිල්පිනියන් ඇතළු පිරිසක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට අදාලව, ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබෙන විගණන වාර්තාවේ නිරවද්‍යතාවය වෙනුවෙන් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා පෙනී සිටින බව ද අයිලන්ඩ් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරන ලද වත්මන් විගණන කොමිසම, විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ජී. තේවරාජන්, ඒ.එම් ධර්මජිත් නයනකාන්ත යන අයගෙන් සමන්විතය.

විගණකාධිපති වරයා ඉහත ප්‍රකාශය සිදුකර තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ශම්මි සිල්වා, ඔවුන්ගේ මුදල්වලින්, රංගන ශිල්පිනිය ඇතුළු කණ්ඩායම ඕස්ට්‍රේලියාවට රැගෙන ගිය බවට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව යි.

සියළු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු විමර්ශනයට ලක් කරමින් සකස් කරන ලද අදාල කෙටුම්පතේ කිසිදු ගැටළුවක් තිබිය නොහැකි බව විගණකාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක දී එහි සභාපති ශම්මි සිල්වා පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් රංගන ශිල්පිනියන් ඇතුළු පිරිස ඕස්ට්‍රේලියාවට රැගෙන ගිය බව ඔප්පු වුවහොත් තමන් හෙටම ඉල්ලා අස්වන බවයි.

Social Sharing
අවකාශය නවතම පුවත්