බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!

Commemorating the beginning of the French Revolution

– දයාපාල තිරණාගම –

මෙයට වසර 234 කට කලින් අද වැනි දිනක  සාගින්නෙන්  පෙළුණු, බදු බර ඉවසා ගත නොහැකිව, 16 වැනි  ලුවී රජුගේ ආඥාදායක පාලනයෙන් පැමිණිය හැකි ක්ෂණික වූ ප්‍රචණ්ඩ මර්දනයට මුහුණ පෑම සඳහා පැරිසියේ ජනතාව බැස්ටීලයට කඩා පැන එහි ඇති අවි අයුධ ඉල්ලා සිටියහ. එවකට එහි සිටියේ සිරකරුවන් 7 ක් පමණක් වුවද වෙඩි බෙහෙත් (gun powder) බැරල් 2000 ක් පමණ විය. එය සහ අනෙක් ආයුධ පැහැර ගත් ඔව්හු සිරකරුවන් ද නිදහස් කළහ. බැස්ටිලය ඥාදායකත්වයේ සහ ජනතා පීඩනයේ සංකෙතේය විය. මෙය ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය විය. බැස්ටිලය පැරිසියේ ජනතාව අත් පත් කරගත් බව දැඩි රාජපක්ෂික්යෙක් වුවද ඉතාමත් දැඩි ප්‍රජතන්ත්රවාදියෙක් වූ Rochefoucauld Liancourt නිදා සිටි රජුට කියූ විට ‘ඒ මොකටද? ‘කියා රජු ඇසුවේය. ‘ඒක කරල්ලක්ද’යි  රජු තව දුරටත්  විපරම් කළේය. Liancourt ගේ පිළිතුර වුයේ ‘එය කැරැල්ලක් නොව විප්ලවයක්’ බවයි(Citizens,Simon Schama,P. 😎.’විප්ලවය’  යන වචනය එකල දේශපාලන ව්‍යවහාරයේ ආගන්තුක වචනයක් විය. මේ දෙබස ‘ප්‍රංශ විප්ලවය1789:ආලෝකයේ අවුරුදු’ යන Robert Enrico විසින් අධ්‍යක්ෂණය  කල චිත්රප්ටියේද දැක ගත හැකිය. මේ සටහනට මා ගෙන ඇති  දෙවනි චායා රූපය  ප්‍රංශ විප්ලවයට වසර 200 ක් පිරිම් නිමිත්තෙන් නිපදවූ එම  චිත පටියේ රූප රාමුවකි.

ප්‍රංශ මහා විප්ලවය ප්‍රංශ ජනතාව වැඩවසම් ආඥාදායකතාවයකින් මුදාගෙන නුතන රාජ්‍යකට පදනම දැම්මා  පමනක් නොව  අනාගත නවීන යුරෝපයකට උපත දිය හැකි උත්ප්‍රේරකයක් බවට පත් විය.

‘කැමියේ දෙමුලා,ඩොන්ටෝන්,රොබස්පියර්,සෙන්ට් ජස්ට්සහ පෝලියන් පැරණි ප්‍රංශ විප්ලවයේ වීරයන් මෙන්ම පක්ෂ සහ බහු ජනතාව ඔවුන්ගේ කාලයේ කර්තව්‍ය රෝමානු  අනුවාක්‍ය සමගින් සහ රෝමානු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී මුදුන් පමුණුවා ගත්හ:ඒ කර්තව්‍ය වුයේ  විමුක්තිය සහ නුතන ධනේශ්වර සමාජය ප්‍රතිෂ්ටාපනය කිරීමයි. එක කණ්ඩායමක් පැරණි වැඩවසම් පදනම කුඩුකර දමා ඒ මත වැඩි තිබුන වැඩවසම් ප්‍රදානින් පහලට ඇද දැමුහ. කාර්මික නිෂ්පාදනය සඳහා යදමින් මිදුන ජාතියේ බලය යොදමින්, බෙදු ඉඩම් ප්‍රයෝජනයට ගත හැකි,  ඉන් පමණකින් ප්‍රංශය තුල නිදහස් තරඟය ප්‍රවර්ධනය කල හැකි තත්වයන් නැපෝලියන්  ඇති කල අතර ම ප්‍රංශ දේශ සීමාවන්ගෙන් එපිටට ප්‍රංශයේ ධනේශ්වර සමාජක්‍රමයට යෝග්‍ය ලෙස, අවශ්‍ය වන තරමට, යුරෝපිය මහා ද්වීපයේ සෑම තැනකම වට පිටාව  සකස් කරමින්  නැපෝලියන් වැඩවසම් ක්‍රමයේ ප්‍රතිශ්ටාපනයන් අතුගා දැමුවේය'(The Eighteenth Brumaire of Louis Bonaparte, P 10). මේ කාල් මරක්ස් විසින් ප්‍රංශ විප්ලවයේ බලපෑම යුරෝපයට සහ ප්‍රංශයට බලපාන ලද ආකාරය විස්තර කල අයුරුය. මාක්ස්ගේ The Eighteenth Brumaire කෘතියට තෙවැනි පෙරවදනක් ලියන එංගල්ස් ප්‍රංශ විප්ලවයේ බලපෑම ගැන මෙසේ කියයි.

වෙන කිසිම රටකට වඩා ඓතිහාසික පන්ති අරගලයන් සෑම අවස්ථාවකම  අවසානයකට සටන් කරනු ලැබූ රට ප්‍රංශය බව පවසන එංගල්ස් ප්‍රංශ මහා විප්ලවය ගැන මෙසේ කියයි. ‘මධයකාලින යුගයේදී වැඩවසම්වාදයේ කේන්ද්‍රස්ථානය වෙමින් පුනරුදයෙන් පසුව සමාජ ප්‍රජාවන්ගේ(Social Estates) පදනම මත ඒකීය රාජවංශයක් සහිත ආකෘතිමය රටක් වූ ප්‍රංශය මහා විප්ලවයේදී වැඩවසම්වාදය පෙරලා දමා අනික් එකද යුරෝපිය රටකට නොදෙවැනි වූ සම්භාවනීය ශුද්ධත්වයක ධනේශ්වර පංතියේ පාලනය පිහිටවනු ලැබිණ.’

1789 වන විට ප්‍රංශ ජනතාවට තවදුරටත් පරණ ක්‍රමය යටතේ ජිවත්  ජිවත් විය නොහැකි විය . ප්‍රංශය මිලියන 26 ක ජනතාවක් සමග යුරෝපයේ ඉතාමත් ජනාධික රට බවට පත්ව තිබුණි. ආණ්ඩුවේ නය බර  පමණක් නොව, අස්වැන්න අඩුවීම, නියඟය ගව රෝගය සහ පාන් මිල අධික ලෙස ඉහල යාම ජනතාව ට තවදුරටත් දැරිය නොහැකි විය. අත්තනෝමතික ආණ්ඩුව අති විශාල නය බර සා ගින්නෙන් පෙලෙන ජනතාවකට පටවා ඔවුන් තවදුරත් ජිවිතයේ අගාධයට තල්ලු කිරීමට සුදානම් විය.  කිසිම අයුරකින් ජනතාවට කන්දීමක් තිබුනේ නැත.ප්‍රංශ ජනතාව ගෙන් 97%ක් වූ ගොවියන්, කුඩා ගොවින්, ඉඩම්වල වැඩ කල කම්කරුවන්, සේවකයන්, විශාල ව්‍යාපාරිකයන්, වෙළෙන්දන් සහ  නීතිඥයන්  ඇතුළු උසාවිවල වැඩකළ සේවකයන් තුන්වැනි ප්‍රජාව (Third  Estate )ට අයත් වූ අතර එයට  ඉහලින් වූ  අතලොස්සක්වූ(1%) ප්‍රභූන්(Second Estate) සහ ඊටත්  ඉහලින් ආගමික නායකයයෝ  (First Estate) වැජඹුනහ. ප්‍රභූන් සහ පුජකයන් නඩත්තු වුයේ තුන්වැනි බහුතර ජනතාව ගෙවූ බදු වලින් වූ අතර බදු පැනවීම සම්බධයෙන් ඔවුන්ගේ මතය නොසලකා හැරියේය. අළුතින් බදු වැඩි කිරීම පිණිස ‘ප්‍රජා කවුන්සිලය'(Estate General)වසර 175කට පසුව 16 වැනි ලිවී කැඳ වූ විට තුන්වැනි බහුතර ප්‍රජාව ඔවුන්ගේ බහුතර නියෝජනයට සරිලන පරිදි  චන්දය ප්‍රකශ කිරීමේ අයිතිය ඉල්ලා සිටියහ. එක ප්‍රජාවකට හිමි වුයේ එක චන්දයක් පමණි. එම නිසා පුජකයන් සහ ප්‍රභූන් එක්ව බහුතර ජනතාව පරාජය  කොට බදුබර පොදු ජනතාව මත පැටවීමේ කුට උපක්‍රමයක් එහි තිබුණි. රජු මෙය ප්‍රත්ක්ෂේප කල පමණක් නොව ප්‍රජාවන් තුනටම එකම ශාලාවක රැස්වීමද ප්‍රතික්ෂේප කොට වෙන වෙනම රැස්වන ලෙස දැන්ව සිටියහ. මෙය ප්‍රතික්ෂේප  කල තුන්වැනි ප්‍රජාවේ නියෝජිතයන් වසේ නගරයෙහි  හි රැස්වීම් ශාලාව අසල පිහිටි ටෙනිස් පිටියකට ගොස් රැස්වීමක් පවත්වා එය මහා මහා ජාතික සභාවක් (National Assembly) ලෙස ප්‍රකාශයට පත් කොට පළමුවැනි සහ දෙවැනි ප්‍රජාවේ සාමාජිකයන්ටද කැමති නම් එයට සම්බන්ධවන ලෙස ඉල්ලා සිටියහ. එසේම ඔවුන් ව්‍යවස්ථාවක් සඳහා සටන් කරන බවට දිවුරා සිටියහ. මෙය ප්‍රත්ගම වතාවට ප්‍රංශය තුල පිළිගත් බල ව්‍යූහයන් ගෙන්  පිටත ජනතා බලය ගොඩ නැගීමේ විප්ලවීය අවස්ථාවක් විය. මෙය   හරියටම ලංකවේ ‘අරගලය’ පාර්ලිමේන්තුවෙන් පිටත බලය ගොඩ නැගීමට සමානය.ජනතා පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව තුල මිස අත්තනෝමතික රජෙකුගේ නියෝගයන් මත නොවන බව ටෙනිස් පිටියේ පවතී රැස්වීම කියා පෑවේය.

නැවතත් මෙහිදී බැස්ටිලය අල්ලා  ගැනීමට අවධානය යොමු කල යුත්තේ එයට ක්ෂණික හේතුවක් තිබුන නිසාය. ලුවී රජු ජාතික සභාවේ සාමාජිකයන් එදින රාත්‍රියේ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සැලවිම නිසා එය වැලක්වීමට බැස්ටිලය  අල්ලා  ගැනීම අත්‍යවශ්‍ය බව කැරලිකරුවෝ  විශ්වාස කළහ. වෙඩි බෙහෙත් සහ ආයුධ බාරදීමට හිරගෙදර පාලකවරයා ප්‍රතික්ෂේප කල බැවින් ඔහු කැරලි කරුවන් විසින් මරාදමන ලදී. විප්ලවය ගමන් කටන මාර්ගය මෙයින් පෙන්වා දෙන ලදී.

ප්‍රංශ විප්ලවය  නායකයන් 1789 අගෝස්ත් මාසයේදී ජනතා ව්‍යවස්ථා සභාවේදී ‘මිනිසාගේ සහ රටවැසියාගේ අයිතිවාසිකම්’ ප්‍රකාශයට පත් කරන ලදී. මේ ප්‍රකාශයේ රුසෝ විසින් ප්‍රංශ විප්ලවයට කරන ලද බලපෑම පැහදිලි විය. විශේයෙන්ම රුසොගේ ‘සමාජ සම්මුතියේ’ප්‍රකාශිත ‘පොදු කැමැත්ත’ පිළිගනු ලැබිණ. 1792 සැප්තැම්බර් 22 දින පළමුවැනි ප්‍රංශ ජනරජය ප්‍රකාශයට පත් කරනු ලැබිය. නමුත්  ප්‍රංශ විප්ලවයට තව දුරටත් සාමකාමී සහ ප්‍රතිසංස්කරණ මාවත ඔස්සේ ගමන් කල නොහැකිවිය. 1793  වන විට ප්‍රචණ්ඩ ‘මහා භිෂණය’ පටන් ගැනුනි. විප්ලවය ආරක්ෂා කිරීම සඳහා පිහිටවනු ලැබූ ‘මහජන ආරක්ෂක කමිටුව'(Public  Safety Commission)විප්ලවයට ද්‍රෝහී ලෙස සැක   කල දහස් ගණනක් 17,000 ක් පමණ ගිලටීනයට දක්කා ඝාතනය කරනු ලැබිය. 10,000 ක් පමණ නඩු විභාගයක් නොමැතිව බන්ධනාගාරවල මිය ගියහ. 30,000ක් පමණ අත් අඩංගුවට ගනු ලැබිණ. 16 වැනි ලුවී රජු 1793 ජනවාරි 2 දින මර දැමු අතර ඔහුගේ බිසව  මාරි අන්ටෝයිනා සැප්තැම්බර්  මස මරා  දමන ලදී. 1794 ජුලි 27 දින මහා ජන ආරක්ෂක කමිටුවේ සභාපති ලෙස කටයුතු කල  විප්ලවයේ නායකයා ලෙස එවකට පෙනී සිටි රොබස්පියර් ද මහජන ආරක්ෂක කමිටුවේ තීරණයක් පරිදි ඝාතනය කෙරුණි. මේ සමග ඝාතන රැල්ල නැවතුණි. වැඩියෙන්ම ඝාතනය කරනු ලැබුවේ ප්‍රභූන්, පුජකයන් සහ බඩු භාණ්ඩ සඟවා ගත් පුද්ගලයන්ය. භීෂණයට නායකත්වය දුන්නේ සන්නද්ධ මැදිහත් වීමක් කල ජැකොබියන් වරුන්ය. ඔවුන් ක්‍රියා කලේ රජ පවුල නැවත බලයට ඒම වැලක්වීම පිණිසය.

1799  දී විප්ලවාදී ආණ්ඩුව පෙරලා දමමින් හමුදා ශ්‍රේණි වලින් මතු වී ආ නැපෝලියන් බොනපාර්ට් බලය අල්ලා  ගනු ලැබිණ. මෙය ප්‍රංශ විප්ලවයේ අවසානය සනිටුහන් කෙරුණි.  ”විප්ලවය යනු මමයි’ ‘ (‘I am the Revolution’)නැපෝලියන් ප්‍රකාශ කළේය. මෙයත් සමග  නැපෝලියන්ගේ ආඥාදායකතවයේ ආරම්භය විය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග