සමාවෙයං ආරුරන් සහෝදරයා…!

-කපිල එම් ගමගේ-

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 14ක් සිපිරි ගෙහි ලා සිටි සිවලිංගම් අරූරන් 15 මැයි 2023 නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට ගැනෙන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට තැත්කල බව පවසමින්. ඒ රංගනයෙන් අරූරන් සහෝදරයා ට සිය ජීවිතයෙන් අහිමි වූ ස්වර්ණමය කාලය වසර 14ක්. මෙය කාටනම් ප්‍රතිපූරණය කළ හැකිද ? මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද?

නමුත් මේ වසර 14 කාලයේ ඔහු සම්මානලාභී නවකතාකරුවෙකු වුණා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම දමිළ භාෂීය නවකතාවට වසර දෙකක දී සම්මාන ලබන්නේ ඔහු. ඒ 2016 සහ 2022 වසරවල. සිරගතව සිටියදී ඔහු රචනා කර සාහිත්‍ය කෘති සංඛ්‍යාව 08ක්. මෙහි අමුණා ඇත්තේ ඔහු 2022 වසරේ සම්මානයට පාත්‍ර වූ ආතුරසාලෛ (ඉස්පිරිතාලය) නවකතාවේ කවරය.

මේ මොහොතේ ඊනියා මුග්ධ දේශපාලනයේ ගොදුරක්ව අනිවාරතේ වසර 14ක් සිරගතව සිටි ඔහුගෙන් දකුණේ අප සමාව ඉල්ලිය යුතුයැයි යෝජනා කරන්න කැමතියි. ඒ අනෙකක් නිසා නොව මේ මුග්ධයින් සිංහාසනාරූඪ කළේ අපම වන .බැවින්.

සමාවෙයං ආරුරන් සහෝදරයා | மன்னிக்கவும் தோழர் ஆரூரன் | Sorry comrade Aruran

Social Sharing
අවකාශය නවතම