නව පොලිස් කොමිසම පත්වෙයි..!

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයන් පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මෙම කොමිසම සඳහා හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා ද පත්ව ඇතැයි වාර්තා වෙයි.

මීට ප්‍රථම මෙම කොමිසමේ සභාපතීත්වය හිටපු පොලිස්පතිවරයෙක් වන චන්ද්‍රා ප්‍රනාන්දු දරණු ලැබූ අතර ඔහු පොලිස් කොමිසම අපකීර්තියට පත් කළ බවට බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ලවිය. බැසිල් රාජපක්ෂ පිළිගැනීමට ගුවන්තොටුපළට යෑම වැනි ක්‍රියා නිසා එම තත්ත්වය උදාවූ අතර එමගින් පොලිස් කොමිසම අපහසුතාවයට පත්විය.

Social Sharing
නවතම පුවත්