මැතිවරණය මාසයකින් කල් දැමීමෙන් NPP ජයග්‍රහනය වළක්වන්න බෑ – අනුර

 

මැතිවරණය මාසයකින් පමණ කල් දැමීමෙන් රනිල් වික්‍රමසිංහට හෝ කාටවත් ජාතික ජන බලවේගය මර්දනය කිරීමට නොහැකි වනු ඇතැයි අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

ඊයේ (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් ජනතා අභිවෘද්ධිය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන් පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනින් ජයග්‍රහණය කරන බව ඒ මහතා ලංකාවේ පවුල් කිහිපයක් අතර බලය හුවමාරු වුණ බවත් රටේ ප්‍රථම වතාවට පීඩිත ජනතාවගේ ආණ්ඩුවක් හදන්න මිනිස්සු ඉදිරිපත් වෙලා තිබෙන බවත් ප්‍රකාශ කරයි.

“බෙහෙත් නැතිව මැරෙන ජනතාව වෙනුවෙන්, රැකියා නැති තරුණයන් වෙනුවෙන්, ගොවි ජනතාව, ධීවර ජනතාව, දුක් විඳින වැඩකරන ජනතාව වෙනුවෙන් අපි මේ සටන දිනනවා. දූෂණයෙන්, මතින් තොර රටක් බිහි කිරීමේ මේ සටන අපි දිනනවා. මහජන මුදල් කොල්ලකෑම සහ නීත්‍යානුකූල රටක් නිර්මාණය කිරීම පරම්පරාවේ වගකීම එයයි. අපි මේ අරගලය කෙසේ හෝ ජයග්‍රහණය කරනවා,” යැයි ප්‍රකාශකරමින් ඒ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේ මෙම සටන තීරණාත්මකව ජයග්‍රහනය කරන බව ප්‍රකාශ කරයි.

ඊයේ කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති මෙම විරෝධතා රැලිය පොලීසිය දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහැරි අතර එම තත්ත්වය තුළ 28 දෙනෙක් තුවාල ලබා රෝහල් කරනු ලැබීය.

Social Sharing
නවතම පුවත්