හිටපු ජනාධිපතිලා නඩත්තුව අත් හරිනවා – අනුර

anura kumara dissanayake gotabaya rajapaksaහිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප ලබාදීම වැනි අසීමිත දීමනා සහ වරප්‍රසාද ලබාදීම තම රජයක් යටතේ අහෝසි කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

පසුගිය 22 දා බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කළ ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වරප්‍රසාද අහිමි කරන බවය.

එවැනි තත්ත්වයක් යටතේ මහජන නියෝජිතයන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයන් බවට පත් වෙනු ඇති බවත් මෙවැනි ප්‍රතිසංස්කරණ රටට අත්‍යාවශ්‍ය බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්