ඡන්දයට කරන බාධා ගැන කියන්න උසාවි යනවා – මැකොස

general-elections-current-political-situation-in-sri-lanka-rohan-samarajeewa

පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වන්නට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවේ බාධාකිරීම් නිසා උද්ගතව ඇතැයිද ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන්නට පියවර ගන්නා බවද මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළ බව සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්‍ය ජී එල් පීරිස් ඇතුලු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ගොනුකළ පෙත්සම් දෙකක් පසුගිය 10 දා ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූ අවස්ථාවේ එම අධිකරණය කියා තිබුණේ මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට එම කොමිසම ප්‍රතිඥා දී ඇති නිසා එවැනි නියෝගයක් අවශ්‍ය නොවන බවය. දැන් අනිද්දා වාර්තා කරන ලෙස සභාපතිවරයා මෝසමක් මගින් මෙම නඩුවට අදාළවම මෙම බාධාකිරීම් පිළිබඳව කරුණු දැක්වීමට නියමිතය.

එහිදී සභාපතිවරයා අනිද්දා වෙත ප්‍රකාශ කර ඇත්තේ පෙබරවාරි 18 දිනය වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබුණහොත් නියමිත දිනවලදී තැපැල් ඡන්දය පවත්වන්නට නොහැකිවෙනු ඇති බවයි. එමෙන්ම ඉතිරි ඡන්ද පත්‍රිකා මුද්‍රනය කිරීම සඳහා දින 35ක කාලයක් යා හැකි බව මුද්‍රනාලාධීපතිනිය ප්‍රකාශ කරන තත්ත්වය තුළ මාර්තු 09 දා නියමිත පරිදි ඡන්දය පැවැත්වීමට ඡන්ද පත්‍රිකා ලැබේද යන්න ප්‍රශ්නයක් බව සභාපතිවරයා අනිද්දා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්