තුර්කි කම්පනයෙන් මියගිය ගණන 28000කට වැඩියි..!

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28,000 කට වඩා වැඩිවී ඇති බව සීඑන්එන් ලෝක සේවය වාර්තා කරයි.

ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 24,617 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,575 ක් පමණ මියගොස් ඇති බව එම මාධ්‍ය වාර්තාව ප්‍රකාශ කරයි.

භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3ක ජනතාවකට සිය නිවාස අහිමිවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

රිච්ටර් මාපකයේ 7 ඉක්මවූ ප්‍රබල භූ කම්පනය දෙකක් සහ පසු කම්පන රැසක් පසුගිය 06 වෙනිදා තුර්කිය සහ සිරියාව කේන්ද්‍රගතව සිදුවිය.

Social Sharing
නවතම පුවත් විදෙස්