අප ඇත්තටම සූදානම් ද?


-මහේෂ් හපුගොඩ-

සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි – සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා.

තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට යටවූ ජීවිත සොයා තම දෑතින් පොළොව කණිමින් තිබෙනවා. සහන සේවකයින් නොයෙක් රටවල් වලින් මේ වනවිටත් තුර්කිය වෙත ළඟා වෙමින් තිබෙනවා.

මේ සිදුවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 සහ 7.8 අතර වියහැකියැයි සඳහන් වෙනවා. තවත් දහස් ගණනක් තවමත් පොළොවයට සිරගතව ඇතැයි සහන සේවයකින් අනුමාන කරනවා. ඒ අතර මේ වනවිට තුර්කියේ කාලගුණය ඉතාම සීතල අතර එය සෙල්සියස් මයිනස් (C-) අගයක් යැයිද වාර්තා වෙනවා.
ගොඩනැගිළි කඩාවැටීමෙන් නින්දේදීම මරණයට පත්වූ සහ පොළොවට යටවූ සිය දහස් ගණනක් මිනිසුන් පිළිබද කිසිදු විස්තරයක් මේ වනවිටත් වාර්තාවන්නේ නැහැ. ඉනුත් විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් සහ දරුවන් වියහැකි බව සහන සේවකයින් පවසනවා.

මේ ප්‍රදේශයේ භූගෝලීය තත්වය ගැන පර්යේෂණවල නියැලෙන ඇමෙරිකානු භුගෝල විද්‍යා සමීක්ෂකයින් පවසන්නේ මියගොස් ඇති ගණන අවම වශයෙන් 10000ක් පමණ ඉහළ අගයක් වියහැකි බවයි.

බොහෝ තුර්කි වැසියන් පවසන්නේ මේ පැමිණ තිබෙන්නේ අප කවදා හෝ බලාපොරොත්තුවෙන් සිටි ලෝක විනාශය බවයි (apocalypse).

සත්‍යලෙසම අප හමුවට කොයි මොහොතක හෝ පැමිණිය හැකි මෙවන් දැවැන්ත ව්‍යසන වෙනුවෙන් අප තවමත් මිනිස් ශිෂ්ටාචාරයක් ලෙස සුදානම් ද?
Image@CNBC

Social Sharing
නවතම විදෙස්