සිවිල් සමාජය නිසා නව දැනුමක් ලැබෙනවා – පිලිප් දිසානායක

 

“ලංකාවේ සිවිල් ව්‍යාපාරයට සැළකිය යුතු ඉතිහාසයක් තිබෙනවා.මේ සිවිල් ව්‍යාපාර සෑම අංශයකම ව්‍යාප්ත වෙලා තියනවා. එනම් ආර්ථික, පාරිසරික, මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන් ලෙස. සමහර සංවිධාන රජයේ කුමන හෝ පනතක් යටතේ ලියාපදිංචි වී තිබෙනවා. සමහර සංවිධාන ලියාපදිංචි වී නැහැ.

මේ සංවිධාන ලංකාව තුළ ක්‍රියාත්මක වීමේන් නව දැනුමක් බිහි වෙනවා. අපි කටයුතු කරන මානව හිමිකම් ක්ෂේත්‍රයේ මූළික අයිතිවාසිකම් කඩවීම් නිසා ගන්නා ක්‍රියාමාර්ග සමහර විට සිවිල් සංවිධාන නැතිනම් ඔහේ ගලාගෙන යන්න තිබ්බා.

නමුත් මෙවැනි සමාජයටට වැඩදායී සිවිල් සංවිධාන ඉලක්ක කරගනිමින් රජය ගෙනා යන්නේ මර්ධනකාරී ප්‍රතිපත්තියක්.එයට සමහර මාධ්‍ය ද දායක වෙලා තිබෙනවා.

මේ රටේ රජයන් අතින් සිඳු වූ විශාල මානව අයිතිවාසිකම් කඩ වූ අවස්ථාවන් වල ඒ සම්බන්ධයෙන් සිවිල් සමාජය ක්‍රියාත්මක උනා කියලා රජයට තිබුණෙ තරහක්. එම නිසා ඒ ඒ කාළවල දී සිවිල් සංවිධාන අතුගා දමන්න රජය මාන බැලුවා.

ඉතින් මේ රටේ මානව හිමිකම් හරියට ක්‍රියාත්මක වන්නේ නැතිනම් ඒ සම්බන්ධයෙන් තිබෙන ඉහළම තැනට යාම අපගේ වගකීමයි. එය රජය ද්‍රෝහිකමක් ලෙස දකිනවා නම් මම හිතන්නේ අපි තවත් දශක ගාණනාවකට එකම තැන පල්වෙන රාජ්‍යක් වේවි.

ඉතින් මම හිතනවා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සහ ආර්ථික දේශපාලන සංවර්ධනය දායක වීම තුළ ඉඳිරියේ දි සිවිල් සමාජය සමඟ සාමාන්‍ය ජනතාව ද නැගීසිටී කියලා”

සමාජ ක්‍රියාකාරී පිලිප් දිසානායක මහතා සිවිල් සමාජය මේ මොහොතේ මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙවර අදහස් දවන ලඳි.

Social Sharing
නවතම