13 ට අපි කැමතියි – හරිනි

13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් ක්‍රියාවට නැංවිය යුතු බව ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත.

අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.

13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නංවමින් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලීමක් කළේය.

තවද 87-89 කාල වකවානුවේ රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට මාරාන්තික ලෙස විරුද්ධ වීම වැරදි යැයි අද ජාතික ජන බලවේගය කල්පනා කරන්නේද යන වගත් පවසන ලෙස ඒ මහතා පැවසීය.

-ලංකාසීනිව්ස්-

Social Sharing
නවතම පුවත්