පොහොට්ටු – අලි පූට්ටුව සේදිලා යන ලකුණු !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වෙයි.

මෙම අර්බුදය පොහොට්ටු පක්ෂයට බෙහෙවින් බලපා ඇති බවද පොහොට්ටුව සමග එකතුවීම නිසා එජාපයටද බිම් මට්ටමින් ජනහමු සංවිධානය කිරීම ප්‍රශ්නයක්වී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ රට පුරාම ජනහමු සහ මහජන රැස්වීම් පවත්වමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් පක්‍ෂ නායක මට්ටමේ ප්‍රධාන පෙළේ කිසිම ජන හමුවක් පවත්වා නැති බව අයිතිය වෙත වාර්තා වෙයි. මෙයට හේතුව ගම් මට්ටමින් ජනහමු සංවිධානය කිරීමට එම පක්ෂයේ ගමේ නියෝජිතයන් පස්ස ගැසීම බව තවදුරටත් වාර්තා වෙයි.

 

Social Sharing
නවතම පුවත්