වස්කඩුව පන්සලේ පොඩි දෙනමට බරපතළ ලිංගික හිංසන

කළුතර උතුර වස්කඩුව දෙදිවල සුදර්ශනාරාම පිරිවෙනේ පැවිදිව සිටින බාල වයස්කාර හිමි දෙනමකට (අවුරුදු 13 සහ 15) එම විහාරයේම සිලවංශ හා අස්සජි යන චීවරධාරීන් දෙදෙනා විසින් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකර ඇතැයි, එම එක් බලවයස්කාර හිමිනමකගේ මව වන සුරම්‍ය ජිවන්ති කළුතර ළමා හා කාන්තා කාර්යාංශයට 2023. 1. 28 වන දින (NCIB 298/138) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 2023. 01. 22 වන දින එම බාලවයස්කාර භික්ෂූන් දෙදෙනාට ඉහත නම් සඳහන් චීවරධාරීන් දෙදෙනා ලිංගිකව හැසිරීමට යෝජනා කර ඇතැයි ද එම ඉල්ලීම අවුරුදු 13ක් වන තම පුතා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට ඉහත චීවරධාරීන් දෙදෙනා බරපතළ ලෙස පහරදී ඇතැයි ද එම මව ප්‍රකාශ කරන්නීය.

එසේ තමන්ගේ පුතාට පහර දී ‘බැරිනම් බලා හිටපං’ යැයි ප්‍රකාශ කරමින් ඔහුට පෙනෙන ලෙස අනෙක් අවුරුදු 15ක් වයස භික්ෂුවට ලිංගික අතවර සිදුකර ඇති බව මව තවදුරටත් ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් පසුව එම බාලවයස්කාර භික්ෂූන් දෙදෙනා කළුතර නාගෝඩ රෝහලට ඇතුල් කර ඇතැයි ද ප්‍රකාශ කරන එම මව, මෙම පහර දීම සහ ලිංගික අතවරයන් සම්බන්ධව පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ නැති බවද සඳහන් කරමින් පොලිස්පතිවරයාට, නීතිපතිවරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති වැත්තෑවෙ ප්‍රඥරාම හිමියන් මෙම සිද්ධිය යටගැසීම සඳහා බලපෑම් සිදුකරමින් ඇතැයි ඇය තවදුරටත් ප්‍රකාශ කරන්නීය.

 

 

 

Social Sharing
නවතම පුවත්