බදු වැඩි කිරීම IMF අගය කරයි

ආර්ථිකය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ මේ අවස්ථාවේදී බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් ප්‍රකාශ කළා යැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලය ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ ආචාර්ය සුබ්‍රමනියන් ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇතිබව ප්‍රකාශ කළා යැයි ද ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාල ක්‍රියාවලිය අවසන් වනු ඇති බවද ප්‍රකාශ කර ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී වික්‍රමාරච්චි යන අය සහභාගි වී ඇත.

 

Social Sharing
ආර්ථික නවතම පුවත්