ආයෙත් ලියුම් සෙල්ලම්

 

පලාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් බාර ගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමකින් ඊයේ (10) දැනුන් දුන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න නැවත එම ලියුම ආපසු කැඳවා ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙසත් දන්වා මෙම ලියුම යවනු ලැබූ අතර එම ලියුමට ප්‍රතිචාර වශයෙන් මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී ඒකනායක වහාම ලිපියක් මගින් ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයක් පැවැත්වීම සඳහා ගැසට් කර ඇති නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස පත්කර ඇති දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණයට අදාළ ඇප මුදල් නියමිත පරිදි භාර ගැනීමට අවශ්‍ය කටයුතු වහාම සිදු කළ යුතු බවය.

Social Sharing
නවතම පුවත්