මොණරාගල පොලිස් ලොක්කා ගංජා සමග අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වියලි ගංජා කිලෝ 05ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 8 දා රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම ඔහුගේ නිළ නිවසේදී සිදුකර ඇති අතර එහිදී ගංජාවලට අමතරව නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ද අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්