සේපාල් අත්අඩංගුවට…!

ඊයේ (5) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සේපාල් මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු බෙල්ලන්විල මයුර මාවත ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන්න යැයි අමාත්‍ය ටිරාන් අලස්ගෙන් උපදෙස් ලැබී ඇතැයි කරුණු වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී විශාල කතාබහක් ඇති වූ අතර එහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම සිද්ධියට අදාළව වහාම මැදිහත්වී නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇත.

1958 අංක 41 දරණ ආගම් විරෝධී ප්‍රකාශන පනතේ ප්‍රතිපාදන යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුට විරුද්ධව ICCPR පනත යටතේ චෝදනා ගොනුකරනු ඇතැයි වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්