සේපාල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විජේදාස

 

ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුකළ බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇති සේපාල් අමරසිංහ නැමැත්තාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් පවා ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසය.

ඒ අනුව සේපාල් අමරසිංහ දළඳා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා

“ශ්‍රී දළඳා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නෙවෙයි සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ, ඒක නිසා ශ්‍රී දළඳා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත්ම අයිතියක් නෑ. පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල් අමරසිංහ නැමැත්තෙක් ඉතාමත් මිලේච්ච විදියට ඉතාමත්ම නින්දිත විදියට දළඳා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාව වන අපිත් හිත් සෑහෙන්න පෑරිලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා ඔහු මිත්‍යාදෘෂ්ඨිකයෙක් කියලා ඔහුට කියාගන්න. ඒකට අපි විරුද්ධවෙන්නේ නෑ. ඔහු හිතනවා නම් ඔහු මන්ධබුද්ධිකයෙක් කියලා ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්, ආණ්ඩුවක් විදියට පැහැදිළිව කියනවා මේ රටේ ආගමික ගැටුමක් ඇතිකරන්න හදන මේ තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා.” යැයි ප්‍රකාශ කළේ ය.

– නිව්ස්පීඩියා –

 

Social Sharing
නවතම පුවත්