අයියා මළෝට රාජපක්ෂ විරෝධයක්

ටවර් රඟහල පදනම සංවිධනය කරන අපේක්ෂා නාට්‍ය උළෙලට තෝරාගෙන තිබුන අසංක සායක්කාරගේ ‘අයියා මළෝ’ වේදිකා නාට්‍ය එයින් ඉවත් කරගන්න යැයි නාට්‍ය උළල සංවිධායකයින් නාට්‍යකරුවාට බලපෑම් කර ඇති අතර ඒ අනුව ඔහු එම නාට්‍ය උළෙලෙන් ඉවත් කරගන්නට එකඟවී ඇත. එහිදී උළෙල සංවිධායකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම නාට්‍ය රාජපක්ෂ විරෝධී නාට්‍යක් නිසා තමන්ට තම රස්සාව අහිමිව යා හැකි බවයි.

අසංක සායක්කාර තම නාට්‍ය උළෙලෙන් ඉවත් කරගන්නා බව තම සහෝදර නාට්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇති අතර එහිදී එම නාට්‍යකරුවන් ප්‍රකාශ කර ඇත්තේ අයියා මළෝ පෙන්වන්නේ නැතිනම් තම නාට්‍යයන් ද උළෙලෙන් ඉවත් කරගන්නා බවය. ඒ අනුව ටවර් රඟහල සංවිධායකයන් නැවත මෙම නාට්‍ය උළෙලේ පෙන්වන්න යැ‍යි අසංක සායක්කාරගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ජන අරගලය සමග නිර්මානය වුණ මෙම නාට්‍ය රාජපක්ෂ විරෝධයක් මතින් වාරණය කරන්නට උවමනාව තිබෙන්නේ කාටද? මෙම වාරණය මගින් පෙන්නුම් කරන්නේ ටවර් රඟහල පදනම සහ ඩීඒ රාජපක්ෂ පදනම දෙකම එකක් බව නොවේද?

Social Sharing
නවතම පුවත්