මෙරට ජනගහනයෙන් 26%කට මානුෂීය ආධාර අත්‍යවශ්‍යයි – රතු කුරුස සංවිධානය

මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථීක අර්බුදය සමාජයේ සෑම අංශයකටම බලපාන බවයි.

මෙම සංවිධානයේ දත්ත අනුව, මෙරට මිලියන 5.7 ක ජනතාවක් , එනම් සමස්ත ජනගහනයෙන් 26% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා මානුෂිය අධාර අවශ්‍ය බව මෙම නිවේදනයෙන් සඳහන් ය.

රතු කුරුස හා රතු අඩසඳ සංවිධාන පෙන්වා දෙන්නේ, අවම වශයෙන් මෙරට ජනගහනයෙන් මිලියන 4.9 කට එනම් 22 %ක ප්‍රජාවක් අහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන බවයි.

වයස අවුරුදු 05 ට වඩා අඩු දරුවන් ඌණපෝෂණ මට්ටමවල සිටින බව ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මේ වන විට ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුටුම්භවලින් 11% කට තම ආදායම් මාර්ගය අහිමි වී ඇති බව පෙන්වා දෙන මෙම සංවිධානය පවසන්නේ, 62% කින් ආදායම් තත්ත්වය ද පහළ බැස ඇති බවයි.

සමස්ත ජනගහනයෙන් 85% ක් මේ වන විට මෙම තත්ත්වයට අනුවර්තන වී ඇති බව ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සමාජයන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

(newsfirst)

Social Sharing
නවතම