ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්

 

බංගලාදේශයේ අගනුවර පවතින අදික මාර්ග තදබදය හේතුවෙන් මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් ඩකා අගනුවරදී ඊයේ(28) වීවෘත කෙරුණි.

මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු 10ක කාලයක් පමණි.

මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000 ක් පමණ ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව ද බංගලාදේශ මාධ්‍ය වාර්තා කළේ ය.

එරට ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන ජපානය මෙය ඉදිකිරීමට මූල්‍ය දායකත්වය සපයා තිබේ.

ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ 2030 වර්ෂය අවසන් වනවිට තවත් මෙට්රෝ දුම්රිය මාර්ග 6 ක් ඉදිකිරීමට නියමිතයි.

Social Sharing
නවතම විදෙස්