යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි

 

යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර සහ නව තාක්ෂණික යුධ අවි ලබාදීම හරහා තමන්ට සහය දෙන ලෙස පසුගියදා යුක්රේන ජනාධිපතිවරයා විදෙස් රටවලින් ඉල්ලා සිටියේ ය.

එයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව ඔවුන් සතු අධි තාක්ෂණික පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතිය යුක්රේනයට ලබාදීමට තීරණය කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය නිල වශයෙන් යුක්රේනයට ලබාදීමද මෙම සංචාරය අතරතුරදී සිදුවනු ඇති බවයි.

යුක්රේනය හෝ අමෙරිකාව ආරක්ෂක හේතූන් මත සංචාරය පිලිබඳ විස්තර නිල වශයෙන් මෙතෙක් මාධ්‍යයට වාර්තා කර නැත.

රුසියානු – යුක්රේන යුද්ධය පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා විදෙස් රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

 

(newsfirst)

Social Sharing
නවතම විදෙස්