ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි.

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍යඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙනඇය පසුව මියගොස් තිබෙනවා

ෆ්ලීට්වුඩ් මැක් විසින් ගායනා කළ Little Lies, Everywhere, Don’t Stop, Say You Love Me සහ Songbird යන ගීතඇය විසින් සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ (කණ්ඩායම සමඟ හෝ) රචනා කරන්නට ඇතැයි සැලකෙනවා.

ඉහත සඳහන් සියළුම ගීත විසිවෙනි සියවස මැද සහ අග භාගයේ අතිශයින් ජනප්‍රිය වූ ගීත බව මෙහි සඳහන් කරන්න වුවමනායි

සමකාලීන රොක් සංගීතයේ කණට රසවත්ව ඇසෙන ගීත (easy listening) සෑහෙන ප්‍රමාණයක් ගායනා කළ රොක් ගායකකණ්ඩායමක් ලෙස ෆ්ලීට්වුඩ් මැක් ඉතිහාසගත වෙනවා. ඔවුන්ගේ ගීත ලෝක රොක් ගුවන් විදුලි නාලිකාවල ඉහළින්ම තිබු ගීතලෙසද සැලකෙනවා

 ”ආදරය ඇතුලේ මට රසවත් සිඟිති මුසාවන් ගොතන්නයනුවෙන් කියවෙන Little Lies (1987) ගීතයට එවකට රොක්රසිකයින් වෙතින් ඉහල ප්‍රතිචාර ලැබූ ගීතයක්. ”ඔබගේ රසවත් මුසාවන් මම ඇස් වසාගෙන අසා ඉන්නම්යනුවෙන් කියවෙන එමගීතය තුල ආදරය නම් උත්කෘෂ්ට හැගීම ඉදිරියේ අනෙකා තුල සහ අනෙකාගේ බොරුව තුල සම්පුර්ණයෙන්ම දියවී යාමක්සලකුණු වෙනවා

වගේමහෙට දවස ගැන විශ්වාස කරන එක නවත්වන්න එපාකියන Don’t Stop (1977) ගීතයත් සුපර් රොක් හිට් එකක්. අද දවස අවසන් උනත් හෙට දවස කෙරේ විශ්වාසය තියන්න කියන ගීතය විමුක්ති අර්ථයෙනුත් ධනාත්මකයි. සාංදෘෂ්ටිකඅර්ථයෙනුත් ගන්න දෙයක් තියනවා. යුද්ද ගණනාවකින් පස්සේ යුරෝපයට ඔවුන්  බලාපොරොත්තුවක් ගේනවා

මට ඔබ ඉන්න හැම තැනකම ඉන්න ඕනකියන Everywhere (1987) ගීතයත් වගේම ජනප්‍රියයි. මම හඬගාන හඬ ඔබටඇසෙනවද? ඉතින් මට කතා කරන්න. අපි දැන් මේ ජීවිතේ පටන් ගම්මුයනුවෙන් කියවෙන එම ගීතයත් ධනාත්මක ජීවනප්‍රවේශයක්.

මේ අතරින් තවත් ලස්සන ගීතයක් තමයි Say you love me (1975) ගීතය. ”රාත්‍රිය අරම්භ වනවිට පටන් ගන්න ඔබේ ආදරයරාත්‍රිය පහන් වනතුරු පවත්වා ගන්න. එක ජීවත් වෙන ආත්මයක් මා වටේ නැති කොට, රාත්‍රිය පුරා මා සුවපත් කරන්න. මටආදරෙයි කියන වචනය මට ඇසෙන විට මා ඔබ වෙතට සම්පුර්ණයෙන් ඇද වැටෙනු ඇතයන ගීතය මම කැමතිම ගීතයක්. ආදරය හරහා අනෙකා තුල දියවී යාම ඉතාම විශිෂ්ට ලෙස මැක්වී එයාගේ මේ ගීතය තුළ වගේම අනෙක් බොහෝ ගීත තුලත්සලකුණු කර තිබෙනවා

ආදරය, අනෙකා සහ හෙට දවස ගැන අප තුල අසූව දශකයේ බලාපොරොත්තු ඇතිකළ ෆ්ලීට්වුඩ් මැක් හි ප්‍රධාන ගායිකාව වූක්‍රිස්ටී ඔබට ආදරණීය සමුගැනීමක්

බොරුවට හරි හයියෙන් කියන්න මට ආදරෙයි කියලඔයා සිහින් හඬින් ගායනා කළා.

 ඔව්ක්‍රිස්ටීආදරෙයි අහස තරම්. ඒත් ඒක බොරුවක් නෙවෙයි

We love you Christine. It’s not a sweet little lie ….

https://www.youtube.com/watch?v=uCGD9dT12C0

Image@Getty Images

මහේෂ් හපුගොඩ

Social Sharing
අවකාශය නවතම