20 න් ජනාධිපතිට කියන තරම් බලයක් නෑ – මහින්ද අරමවීර

20 න් ජනාධිපතිට කියන තරම් බලයක් නෑ - මහින්ද අරමවීර

ජනාධිපති ක්‍රමය මේ අවස්ථාවේ අහෝසි කිරීම ප්‍රායෝගික වශයෙන් කළ නොහැක්කක් වුවද, ජනාධිපති ක්‍රමයට ශ්‍රී.ල.නි.ප.ය එදා වගේම අදත් විරුද්ධයි. 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දුන් දා සිට ශ්‍රී.ල.නි.ප.ය එය අහෝසි කිරීම සදහා සටන් කළා. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් අපේ මතයේ කිසිඳු වෙනසක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අරමවීර මහතා වීරකැටියේදී පැවසීය. පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහයෙන් රට පුරා විහාරස්ථාන දහසක “ හුස්ම දෙනතුරු “ ඔසු උයන් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමින් ඇමතිවරයා එසේ පැවසීය. වීරකැටිය කුඩාබිඹුල ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවති එම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක් වූ පරිසර අමාත්‍ය…

Read More

මැදපෙරදිග කළාපයෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමය අහිමිවේ.

මැදපෙරදිග කළාපයෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමය අහිමිවේ.

බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් මහතා අයිතිය වෙත අදහස් දක්වමින් දළදේශීය නිශ්පාදිතයෙන් 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය වන්නේ මැදපෙරදිග කළාපයේ සෙවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වන බවයි. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක ආයෝජනයකින් තොරව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 7 වැටුප් ප්‍රමාණයක් හා සෙවකයින් පිටත්කර හැරම් වෙනුවෙන්  ඩොලර් බිලියන 3 ක් වශයෙන් ඩොලර් බිලියන 10 විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට ආර්ථිකයට ලබා දෙන අතර, මේ වන විට ශ්‍රී ලාංකිකයන් මිලියනයක පමණ පිරිසක් විදේශ රැකියාවල නිරත…

Read More

චීන-ශ්‍රී ලංකා දීගයට ඇමරිකාවේ බලපෑම

චීන-ශ්‍රී ලංකා දීගයට ඇමරිකාවේ බලපෑම

ලබන සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට ගොඩ බට කල්හි මෙරට ආර්ථික සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර මුත්, අවශ්‍යයෙන්ම කළයුතු තෝරාගැනීම්” කිරීමට බලපෑම් කරනු ඇතැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා හෙළි කර තිබේ. දෙවැනි රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග වේගයෙන් වර්ධනය වන චීන-ලංකා ආර්ථික සබඳතා සම්බන්ධයෙන් කළ සඳහනක් බව පෙනීයන එම ප්‍රකාශය සමගම මානව හිමිකම් වලට ගරු කරන මෙන්ද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇති බව ප්‍රකාශයට පත්වී ඇත. දිල්ලියේ නිල හමුවකින් අනතුරුව ලබන බදාදා කොළඹට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත රාජ්‍ය ලේකම් ගේ සංචාරයට පෙරාතුව එක්සත් ජනපද…

Read More

පොලිස්පති වීමේ ඉලක්කය වෙනුවෙන් දේශබන්දු කරන්නේ රඟපෑමක්!

පොලිස්පති වීමේ ඉලක්කය වෙනුවෙන් දේශබන්දු කරන්නේ රඟපෑමක්!

කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ නාමල් රාජපක්ෂ හා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා හා නීතිඥ සේනක පෙරේරා පැමිණ සිටියහ. මෙහිදී අදහස් දැක් වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2005 සිට 2015 දක්වා බන්ධනාගාර ගතව සිටි රැඳවියන් ආයුධ පෙන්නන්න කියා රැගෙන ගොස් ඝාතනය වූ හැටි දුටු බවය.  මේ දිනවල පාතාල මර්දනය හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට කියා ලොකු රඟපෑමක් දේශබන්දු තෙන්නකෝන් විසින් රඟපාන…

Read More

වාඩා භායානක ප්‍රථිපලයට සූදානම් වන්න – රවී කුමුදේශ්

වාඩා භායානක ප්‍රථිපලයට සූදානම් වන්න - රවී කුමුදේශ්

දැනට හමුවී ඇති කෝවිඩ් 19 ආසාදනය වූ රෝගීන්ගෙන් 80%ක රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති නිසා, ඔබට සමාජයේ හමුවන ඔනම කෙනෙක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙක් විය හැකියි බවට උපකල්පනය කර කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්  පවසයි. මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීමට හමුවන සියලුම රෝගීන් විවිධ පොකුරුවලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමක් පෙනෙන්නට තිබෙන නමුත් ඒය තහවුරැ කිරීමට අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැති බවත් ඔහු පවසයි. මෙම වසංගතය ලංකාව තුළ සම්පුර්ණයෙන් පාලනය කර තිබේ යැයි යන උපකල්පනයෙන් බලධාරීන් කටයුතු…

Read More