දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට පටහැනී

රජය විසින් ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පතේ විධි විධාන පිළිබඳ සමස්ත සලකා බැලීමේ දී, සමස්තයක් ලෙස පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස කරන බව ද කතානායකරවයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ගොනු කිරීමෙන් පසුව එම පෙත්සම් සලකා බලා අධිකරණය මෙම තීරණය ගෙන ඇත.

මූලාශ්‍රය : නිව්ස්පීඩියා

Social Sharing
නවතම පුවත්