සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ සැපයුම්කරුවන්ට බිලි.23ක් ණයයි

 

ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි.

එය මෙරට ඖෂධ හිඟය ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, හිඟ බිල්පත් ගෙවීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.

මේ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය මගින් තවත් ඖෂධ වර්ග 53 ක් පසුගිය සතියේ මෙරටට ආනයනය කරනු ලැබීය.

තවත් අදියර ගණනාවකදී ඉන්දීය ණය ආධාර ක්‍රමයෙන් ඇණවුම් කළ ඖෂධ හා ශල්‍ය උපකරණ මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

(newsfirst)

Social Sharing
නවතම