Mona Fandey – මලසිරුරක කොටස් ආහාරයට ගත් කාන්තාව

තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්‍රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්.

මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි.
1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා අවධියේ සිටම එකම දැඩි බලාපොරොත්තුව වෙන්නෙ කීර්තිය , ජනප්‍රියත්වය හා මුදල්. ඇයට කුඩා අවධියේ ඉදලම ඉහල ගායන හැකියාවක් තිබුනා, ඒ නිසා ඇය විවාහ වෙන කාලය වෙනකන්ම ඒ කාලෙ මැලේසියාවල තිබ්බ රියැලිටි ශෝ ගණනාවකට ගිහින් තියෙනවා, විවාහයෙන් පස්සේ ඇගෙ සැමියා එක්ක එකතුවෙලාත් ඇය ඇල්බම් කිහිපයක් එලිදැක්වුවත් මේ දක්වා කරපු කිසිවක් ඇයගේ හීනයේ මට්ටම දක්වා මුදල්, ජනප්‍රියත්වය, ඇය වෙත ගේන්න සමත් උනේ නෑ.

මේ අසමත් වීම් එක්ක තමයි ඇය ඒ කාලෙ මැලේසියානු මිනිසුන් අධිකව විශ්වාස කරපු හා බයවුන “හදිහූනියම්” කියන අංශය වෙත යොමු වෙන්නෙ. මුලින්ම ඇය මේ වෙත යොමු වෙන්නෙ තමන්ගෙ සාර්ථකත්වයට යන්න කෙටි මාවතක් හොයාගෙන වුනත්, පසුව ඇය ඒ මතම යැපෙමින් ඇය විසින්ම හදිහූනියම් ක්ශේත්‍රයේ නියැලෙනවා. ඉතාම කෙටි කාලයක් ඇතුලත ඒ කාලයේ ඒ රටේ මිනිසුන්ගේ අන්ධ විශ්වාසයේ පරිමාව නිසා වේවා හෝ, ඇගේ කුමක් හෝ දක්ශතාවක් නිසා, නැත්නම් වාසනාවක් හේතුවෙන් ඇය කරන රහස් යන්ත්‍රමන්ත්‍ර සාර්ථක උන නිසා ඇය එකල මැලේසියාවේ හදිහූනියම් ක්ශේත්‍රය තුල දැවැන්ත චරිතයක් වෙනවා. ඇය ආශ්‍රය කල, ඇගෙන් වැඩ කරවාගත් දේශපාලඥයන්, ප්‍රබල ව්‍යාපාරිකයන් ඒ කාලෙ හිටිය බව සදහන්. ඇයට මොවුන්ගෙන් ඉතාම විශාල ධනයක් නිතර ගලා ආ නිසා ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගෙනියන්න ඇයටත් ඇගේ සැමියටත් හැකි වෙනවා ඒ කාලයේදී..

ඒත් මෝනාගේ හිතේ තිබ්බ හීනය මුදල් පමණක් නෙවෙයි, ඇය වෙත යොමු උන දැඩි ජනතා අවදානය ඇයට ලබාගන්න ඔනෙ වෙලා තිබුන කාලයක් ඒක, මේ කාලයේදී තමයි (1993) මැලේසියානු ඡන්දයක් ඇරඹෙන්නෙ. එකල මැලේසියානු මන්ත්‍රීවරයෙක් උන Mazlan Idris මෝනාව හමුවෙන්න එන්නෙ ඔහුට නියත ජයග්‍රහණයක් ලබාගන්න නම් ප්‍රතිවාදීන්ට එරෙහිව හදිහූනියම් කරලා ඔහුට ඉහලට එන්න ඇයගේ සහය ලබාගන්න. මේ අවස්ථාවේ මෝනා මේ දේශපාලඥයා වෙත කොන්දේසී කිහිපයක් පනවනවා. ඒවා නම් ජයග්‍රහණය වෙනුවෙන් ඉතා විශේශ පූජාවක් කල යුතු බවත්, එය පවත්වන බවට ඔහු කිසිවෙක්ට නොකිව යුතු බවත්, පූජාව පවත්වන දිනයේ කිසිවෙක්ට කිසිදු හෝඩුවාවක් නොදැනෙන්න ඔහු මෝනාගේ නිවසට තනිව ආ යුතු බවත්. ජයග්‍රහණ ආශාවෙන් පෙලුන දේශපාලඥයාගේ අන්ධ විශ්වාස නිසා ඔහු ඒ විදියටම කටයුතු කරනවා. මෝනා වෙත ලොකු මුදලකුත් ගිණුමට බැර කරලා, තමන්ගෙ ආරක්ශයන්ට හෝ පවුලෙ සාමාජිකයන්ටවත් සොයාගන්න බැරි විදියට ෆාන්ඩේ නිවසට මොහු යනවා.

ගියාට පස්සේ මොනා ඔහුට කියනවා විශේශ පූජාසනයක් මත ඇස් පියාගෙන දිගා වෙලා ඉන්න, ඇය මන්ත්‍ර කියනකම් කියලා, ඔහුත් එ විදියටම ඉන්නකොට ඇය එක්වරම ඔහුගෙ බෙල්ලටම පහරදීලා කපලා ඝාතනය කරලා තියෙනවා. මේ සිද්දියට ඇගෙ සැමියා හා තවත් සගයෙක් සම්බන්ධ වෙලා තිබුනා.

ඊලග දිනයේ මැලේසියානු පොලීසියට විශාල ප්‍රශ්නයක් , රටේ දේශපාලඥයෙකු අතුරුදන්! ඔහුගේ ගිණුමෙන් විශාල මුදලකුත් අතුරුදන්, පරීක්ෂණ වලදී හෙලි වෙනවා ඔහුගේ අවසාන සම්බන්ධතාවන් මෝනා ෆාන්ඩේ සමග පැවති බව, නමුත් ඔහු එහි ගිය බව නම් පැහැදිලි සාක්ෂි නොතිබුන නිසා ෆාන්ඩේ යුවල හා නිවසේ සගයා අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීම් වලදී සගයා මිනීමැරුම පාපොච්චාරණය කරනවා, නමුත් ඊලඟ ගැටලුව- කෝ මලසිරුර?

මෝනා ෆාන්ඩේගෙන් හම්බෙන්නෙ රටම භීතියට පත් කරන පිලිතුරක්, ඇය මලසිරුරේ බොහෝ කොටස් ඒ දින කිහිපය වෙනකොටත් කාලා අවසන්! නිවස පරික්ශා කිරිමේදී අවශේෂ කොටස් ගණනාවක් සොයාගන්න පොලිසියට පුළුවන් වෙනවා. විශේශම කාරණය ඇය නඩුවාර 60ක් පුරා නඩුව පැවැත්වුන සෑම දිනයකදීම කිසිම චකිතයක් බයක් නැතුව නිලියක් සම්මාන උලෙලක් සදහා රතුපලසකින් යන විදියටතමා ගමන් කරලා තියෙන්නෙ! ඇයගේ ඉල්ලීම පරිදි වෙනස් විලාසිතා සහිත ඇදුම් , මේකප් කිරීම් හැම වාරයකදිම පාවිච්චි කරලා තිබුණා. රටම හෙල්ලූ නඩුවක් උන නිසා මාධ්‍ය කැමරා ඇය වෙත යොමු වෙද්දි ඇය ඉතාම සතුටින් සිනාවෙන් අත වනලා ආචාර කරලා තිබුනා පොලිස් රැකවල් මධ්‍යයේ උනත්!

බොහෝ දෙනෙක්ගෙ අදහස ඇය ඇගෙ ජනප්‍රියත්වයට හා අවධානය ලබා ගැනීමෙ ආශාව ඔඩු දිවීමක් වශයෙන් මේ වගේ කෲර අපරාධයක් තුලින් ඒ අවධානය බලාපොරොත්තු වෙන්න ඇති කියලයි. කොහොම උනත් 2001 වර්ශයේ නොවැම්බර් 2දින ඇයට මරණ දඬුවම නියම උනාමවත් ඇයගේ සිනහව නම් නැතිවෙලා ගිහින් නෑ, අවසාන කැමැත්ත විදියට KFC චිකන් ඉල්ලලා තියෙන්නෙ ඈ ඉතාම සැහැල්ලුවෙන්. නැවත නැවතත් ඇය මරණයට පත්වෙන දිනයෙත් කියලා තියෙන්නෙ “මම ආයෙ එන්නම්. මේ සියල්ලටම මැලේසියානු ජනතාවට ස්තූතියි!” කියලයි..
මේ සිද්දිය සම්බන්ධව “DUKUN” නමින් 2018 දී මැලේසියානු චිත්‍රපටයක් නිකුත් වීමට තිබුනත් පසුව එම චිත්‍රපටය තහනම් කරනු ලැබුවා.හොයලා බලන්න යූ ටියුබ් එකේ, ට්‍රේලර් එකම ඔයාට ප්‍රමානවත් වෙයි මෙක ගැන අදහසක් ගන්න.
විවිධ මිනිසුන්ගේ මානසික තත්ව තේරුම්ගන්න මේ ලොවම හෙල්ලූ සත්‍ය කතාවම ප්‍රමානවත් නේද?

Sadeep Hansamal

උපුටා ගැනීම – ෆේස්බුක්

Social Sharing
ආර්ථික නවතම