මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් තබමින් මෙලෙස ප්‍රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ අද (02) පැවැත්වෙන ඒකාබද්ධ පාගමනට සමගි ජන බලවේගය සහභාගී වන්නේ නැතැයි ඇතැමුන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිඳු චෝදනාවක් නොමැතිව බව ප්‍රකාශ කරන විපක්ෂ නායකවරයා අද (02) පැවැත්වෙන්නේ සාමකාමී පා ගමනක් බව රජයට අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්