“අපේ ආසන තුන හොඳටම ප්‍රමාණවත්” – ජාතික ජන බලවේගය

සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර මහතා පවසයි.

දුෂණ, වංචා, අපරාධ වලට සම්බන්ධ කිසිවෙකුත් මගේ පාලනයට ගාව ගන්නේ නැහැ කියා ජනාධිපති ජනාධිපතිවරණයේදී පොරොන්දු දුන්නත් ඔහුට ඒ පොරොන්දු රැකීමට නොහැකි වී තිබෙන බවද, ඉදිරියේදීත් ඔහුට ඒ පොරොන්දු රැකීමට නොහැකි බවද ඔහු පවසයි.

නමුත් ඒ චෝදනා ඇති සියලු දෙනා ඒ ආකාරයෙන්ම නැවත පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ ඔවුන් ඉදිරියේදී මැති ඇමතිකම්ද දරණු ඇති බවය.

විනය ගරුක පාලනයක්, වංචා දුෂණයෙන් තොර වීම යන දේවල් සම්පුර්ණයෙන්ම මිත්‍යාවල් බව ඉදිරියේදී ජනතාවට වැටහෙනු ඇති බවත් ඔහු කියා සිටියි.

ඉදිරියේදී රැකියා රැසක් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයිද, අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇතැයිද  අවධාරණය කර සිටින කම්මැල්වීර මහතා කියා සිටින්නේ පීඩිතයාට පීඩනය හැර වෙනත් දෙයක් නොලැබෙන බවය.

Social Sharing
නවතම