නඩේසන් හා විනීතා [අපේ කාලයේ රොමියෝ ජුලියට්]

අපට මේ අපූරු සදාදරණීය පෙම් යුවල පළමුවරට මුණගැසෙන්නේ 1993 ඔක්තොම්බරයේ දීය. වැල්වැටිතුරේ උපන් නඩේසන් [මහේන්ද්‍රන්] හා මාතර කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි. 2009 මැයි මාසයේ 17 වෙනිදා ට ආසන්න දිනක දි කටට වෙඩිතබා මරා දමද්දීත් ඇය ඔහුගේ ප්‍රේමය වෙනුවෙන් පෙනී සිටියා ය. ඔහු ඇගේ ප්‍රේමය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ ය. මුළු දැනුවත් ජිවිත කාලය පුරාම සිංහලයන්ට විරුද්ධව සටන් වැදුණු වේළුපිල්ලේ ප්‍රභාකරන් නායකයාගේ සතියකට වරක් ඇති වැදගත් කෑම මේසයේ  සිංහල ස්ත්‍රියක් සිටි​ම කෙතරම් අසිරිමත් සිරිතක් ද? ඉදින් විනිතාත් නඩේසනුත් අපට කී ඔවුන්ගේ පෙම් කතාව කෙසේ හෝ මතුපරපුරට ලියා තැබිය යුතු නොවේ ද?

– නන්දන වීරරත්න –

Social Sharing
අවකාශය නවතම