ජාතික සභාව අද රැස්වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති.

ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා ප්‍රකාශයට පත් කළේ ය.

මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ද අද පැවැත්වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

රැස්වීම උදෑසන 9.30 ට ආරම්භ වනු ඇති.

පාර්ලිමේන්තුවේ ලබන සතියේ කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුව සඳහන් කළේ ය.

Social Sharing
නවතම