බිල වැඩි නම් පන්සලේ සූර්ය පැනලා ගහගන්න -ඇමති කංචන

 

පසුගිය දිනක ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය පන්සලට ලක්ෂ 3ක විදුලි බිලක් පැමිණ ඇති බවත් එය කිසිසේත් නොගෙවන බවටත් ප්‍රකාශයක් සිදුකල අතර ඊට පිළිතුරු වශයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ පන්සල කියා විශේෂයක් නොකර බිල නොගෙවන්නේ නම් විදුලිය විසන්ධි කරන බවයි.

ඒ අනුව බොහෝ හිමිවරුන් මේ වනවිට මාධ්‍ය සාකච්ජා තුළ තම පන්සල් වලට පැමිණ ඇති අධික විදුලි බිල් පිළිබඳව චෝදනා එල්ල කරනු දැකගත හැකි විය.

මේ පිළිබඳව යලිත් වරක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහා කරන්නේ මෙරට ආගමික සිද්ධස්ථාන සියල්ල සූර්ය පැනල හරහා විදුලි නිෂ්පාදනය කිරීමේ ක්‍රමයකට යා යුතු බවයි.

දේශපාලනය ගැන මනා අවබෝධයක් ඇති ඕමල්පේ සෝභිත හිමියන් ජනතාව කුපිත නොකර මෙම සූර්ය පැනල වැඩපිළිවෙළට නායකත්වය දෙන්නේ නම් අමාත්‍යවරයා වශයෙන් තමන් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටි.

විදුලි බිල නොගෙවීම මෙම ගැටලුවට ඇති විකල්පය නොවන බවත් ඔහු පවසා ඇත.

(නිව්ස් පීඩියා)

Social Sharing
නවතම