කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!

– මහේෂ් හපුගොඩ –

බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ. දශක හැත්තෑවක් කුදු කරපු අපේ ආත්මේ මේ නිශ්චිත මොහොතෙන් පස්සේ තව දුරටත් කුදු ගස්සල තියන්න බැහැ කියල උන්ට තේරෙනවා ඇති. උන්ට ඉව තියනවා. එක නිසයි මේ පරාණ බය.

කුදු කියල දිව පැටලුණේ අහම්බෙන් නෙවෙයි. කෙළින් වගේ පෙනුනට උන්ගේ ආත්මේ කුදු හින්දා. ඒක තමයි සත්‍යය. වැරදි වැරදි දිව පැටලි පැටලි උච්චාරණය කරන්න හදන්නේ ඒ සත්‍යය. තමන්ගේ ආත්මයේ ඇත්ත.

ව්‍යාජ පියවරුන් ඉස්සරහා තුනට හතරට කුදු වෙන පිරිමි ඉන්න රටක දමිතා ඔයා හයිය ගෑණියක්. එකෙන්ම ඉන්නවා ඔයත් එක්ක සහෝදරි.

සියවස් එක හමාරක් ගතවෙලත් මේ කුදු ගැහිච්ච රටේ ෆ්‍රොයිඩ් හරි.

Social Sharing
නවතම විශේෂාංග