මරණය ආසන්න සුරතලා එක්ක විනෝද චාරිකාවක්…!!

මේ කතාවේ එන දස හැවිරිදි සුනඛයා දරුණු ලියුකේමියා රෝගයකට ගොදුරු වූ සුනඛයෙකිය. නම මොන්ටිය. එයාව සනීප කරගන්න මේ ආදරණීය හිමිකරුවා නොකරපු දෙයක් නැත.
ඒ වුණත් මාස 18 ක් තිස්සෙ වරින්වර අසනීපවෙන වාරයක් පාසා හිමිකරු සුනඛයා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරත් අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ තවදුරටත් එයාව සුවකල නොහැකි තරමට එයාගේ මෙම ලියුකේමියා රෝගය උඩුදුවා ඇති බවයි. ඒ වගේම ඔහු තව ඉදිරි දින කිහිපය තුල ජීවිතයෙන් සමුගන්නා ඇති බවයි.
තමන්ගෙ දුර්වලව අසරණව සිටින සුනඛයා දෙස මොහොතක් හැඬූ කඳුලෙන් බලාන සිටි ස්වාමියා. කිසිම දුකක් එයාට නොපෙන්වා ආදරයෙන් ඔලුව අතගා,
” අපි හැමදේම අමතකවෙන්න ඔයයි මමයි පුංචි ට්‍රිප් එකක් යමු “,
කියා එයාව සනසවනවා.
ජීවිතයේ සතුට දුක හැමදේම තමන් සමග බෙදාගත් මේ ආදරණීය සුනඛයා මාස 18ක්ම මෙම රෝගය නිසා නිවසින් රෝහලටයි. රෝහලින් නිවසටයි ඇරෙන්නෙ වැඩිපුරම දවස ගතකලේ ගිලන් ඇඳකයි.
ඔහු අසනීපවෙන්නට පෙර පරිසරට ඉතා ඇලුම්කල සුනඛයෙකිය. ගංගාවල පීනන්න. කුරුල්ලන් පසුපස එලවන්න. පඳුරු තුලින් රිංගා හැංගිමුත්තං කරන්න. ගස් අතරින් දුවපැනල නටන්න එයා බෙහෙවින්ම ප්‍රියකරාය.
ඒනිසාම හිමිකරු ලස්සන පරිසරයකින් හෙබි මනරම් වේල්ස්හි බ්‍රෙකන් බීකන්ස් කඳුවැටිය ඔහුගේ විනෝද චාරිකාව සඳහා තෝරාගත්තේය. අසනීප වූ පසු සුනඛයාට ඇවිදීමට තරම් ඇඟට වාරුවක් නැත. මහන්සිවෙන තරමට හුස්ම ගැනීමේ අපහසුතා වලට ලක්වෙන ප්‍රවණතා වැඩිය. ඒනිසාම අවසානයේ එයාව විල්බැරෝවක තියාන ඒ ලස්සන කඳුවැටිය බලන්න එක්ක ගියේය.ගමන කෙතරම් දුෂ්කර උවද එයා උත්සාහය අත්නොහළේය.
අතරමගදී හමුවන මිනිස්සු මේ සිද්ධිය දැක කෙතරම් කම්පා වූයේද යත් සමහරුන්ගෙ කඳුළු කඳුවැටියෙ බිම තෙත්කළාය.
අවසානයේ ඔහු බාධකමතින් කඳුමුදුනටම පැමිණෙනවා. මුළු දිනක් පුරාවට ගෙවන හැම තප්පරයක් පාසා සුනඛයා සමග ආදරයෙන් කාලය ගතකරනවා. සුනඛයාගේ තිබූ දුර්වල ගතිය මැකී යන්තම් මුවගෙ සිනාව දකිනවා. කතාකරලා කියන්න බැරිවුනාට ඒ මලානික මුහුණ ආලෝකයෙන් පිරී තියෙනවා. ඒ දැක  ඔහුගේ හදවත අප්‍රමාණ ප්‍රීතියකින් පිනා යනවා.
අවසානයේ ගමන සතුටින් සාර්ථකව නිමා කර පැමිණියද දෙදිනකට පසු සුනඛයාගේ සෞඛ්‍ය තත්වය ඉතා පහළ මට්ටමකට වැටෙනවා. ඇස්වල කඳුළු හිරකරන් තමාව දාලා නොයන ලෙස හිමිකරු සුනඛයාට ආයාචනා කරනවා.
දෙවියන්ගෙන් ඔහු ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තම ආදරණීය සුරතලාව මෙතරම් ඉක්මනින් දුරස් නොකරන ලෙසයි.
 එහෙත් ඒ ආදරණීය දෑස්වලින් හාම්පුතා දෙස බලාගෙනම ඔහුගේ උකුලේම එයා මේ ලෝකෙන් සදහටම යන්න යනවා. අමුතුම හැගීමක් ඔහු සුනඛයාගේ මුහුණේ දකිනවා. තමන්ගෙ අන්තිමකාලයේ සතුටු කරාට එය ස්තූතිය ප්‍රකාශකිරීමක් වැනි දුක්මුසු හැඟීමකි.
” එයා නැති අඩුව මට කවදාවත්ම පිරිමහගන්න බැරිවෙයි.එයා මුළු ජීවිතකාලයම කරේ මාව සතුටු කරපු එක.ඉතින් මම එයාව මැරෙන්න මොහොතකට කලින් හරි සතුටින් තිබ්බා.ඒක මගෙ හිතට සැනසීමක්.”
සුනඛයාගෙ මරණින් පසු හිමිකරු තම පේස්බුක් ගිණුමේ අවසානයේ සංවේගයෙන් එසේ සටහන්කරනු ලබනවා..
– කාවින්ද චරිත් –
උපුටාගැනීම : ෆේස්බුක්
Social Sharing
අවකාශය නවතම