ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?

ආණ්‌ඩු පක්‍ෂයේ බහුතරය මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ වෙනසක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පක්‍ෂ මාරුවීම් සහ ඇතැමුන් පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය කරට කර සිටින ලෙසපාර්ලිමේන්තු සං‍යුතිය වෙනස්‌ වී ඇති බවට වාර්තා වේ.

ආණ්ඩුව ආරම්භයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 157කගේ බහුතර සහාය හිමිව තිබුණද මේ වනවිට එය 119 දක්වා පහත වැටී ඇති බව සඳහන් වේ.

එනම් ආණ්ඩුව සමඟ සිටි ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු 13 දෙනෙකු විපක්ෂයට පැමිණීමත්, විමල් වීරවංශ මහතා ඇතුළුපක්ෂ එකමුතුව සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වීමත් නිසා මෙම වෙනස සිදුවී ඇත.

මෙම තත්ත්වය මත විපක්ෂයේ සංයුතිය 105 දක්වා ඉහළ ගොස් ඇති බවද දැනගන්නට ඇත.

ආණ්‌ඩු පක්‍ෂය සමඟ සිටින තවත් මන්ත්‍රීවරුන් 06 දෙනකුගේ සහය රජයට අහිමි වුවහොත් බහුතරය සම්බන්ධයෙන් රජයටබරපතළ ගැටලුවක්‌ ඇති වේ.

Social Sharing
නවතම