ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ  හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට අද (02) සවස  උපහාර පුදනු ලැබීය.

තම දෙමාපියන්ට උපහාර පිදීමට පළමුව පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව සමගද සුහද පිළිසදරක යෙදී පිටව ගියහ. ඉන් අනතුරුව පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම දෙමාපියන්ට උපහාර පුදනු ලැබීය. ඔවුන් දෙදෙනාද පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසදරක යෙදී ජනහමු කිහිපයකට සහභාගි වීම සදහා පිටව ගියහ.

මෙම අවස්ථාවට   ප්‍රදේශවාසීන් දහසක් පමණ සහභාගි වී සිටියහ.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම