ශ්‍රී.ල.නි.පය ඡන්දේ ගණින්න ආරක්ෂිත කැමරා පද්ධති ඉල්ලයි!

මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින තුනකි. මෙවර ඡන්ද ගනන් කිරීම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මේ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා ඇත්තේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට සි.සි.ටි.වී කැමරා පද්ධති සවි කරන ලෙසටය.

ප්‍රතිඵල ගණන් කිරීම දිනක් ප්‍රමාද කිරීම නිසා මනාප ප්‍රතිඵල විකෘති කිරීමේ අවදානමක් ඇති බවත් එක් අයෙකුගේ මනාප තවත් අයෙකුගේ මනාප වලට දමා ගණන් කිරීමේ හැකියාව වැනි දුෂිත ක්‍රියා ඇති විය හැකි බැවින් ඒවා උපරිමයෙන් වළක්වා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.

ඒ ඉල්ලීම තුලින් පෙනී යන්නේ ඔවුන්ටද මෙම මැතිවරණ කටයුතු සාධාරණත්වයකින් යුතුව ඉටුවේද යන්න සැක සංකා සිත් තුල පවතින බවය.

මෙවර මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියා වල කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණද අපට 2001 මහ මැතිවරණයේදී මරණ 81 ක්, 2015 මැතිවරණයේදී මරණ 04 ක් වාර්තා වු බව අමතක කළ නොහැකිය.

-ශානිකා-

Social Sharing
නවතම