බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!

ගාලු මුවදොර පිහිටි දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක ජනතාව රැස්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවතින බැවින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 20 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියා.

Social Sharing
නවතම